Monday, July 11, 2016

ආදරේ

නොවැටහුණ දා
නොවිදි දා
සැබෑ පිවිතුරු ආදරේ
පවසාවී බිදී ගිය
තැවුණු හිත් ළග
කදුළකි දුකකි
'ආදරේ'
දැනේවී විදිදා
උත්තරීතර ජීවිතයේ
පූජනී දෙහිතක් ළග
ආත්මීය හැගුමකින්
දළුලා වැඩුණු
වසන්තයේ
මිහිරිතම හැඩය
මියෙන තුරා
විදගන්නා
සාංසාරික
හුස්ම පොද
'ආදරය'
බැව්
වැහිලිහිනි ...

No comments:

Post a Comment