සීත පිනිදිය
සිසිල අරගෙන
හිමින් ඇදෙනා
සුළං රැල් මැද
සදේ උණුහුම
ගෙනා පෙම් රස
මවා ඔබ ලොව
හීන රසබර
වෙලී තුරුලට
රැයේ අදුරට
නිදා නොනිදා
ආල නෙත් යුග
තෙමා දෙතොළග
කැළඹි පෙම් ලොව
මවා නවනළු
රසය ගී ලොව
වැහිලිහිනි...
සීත පිනිදිය
සිසිල අරගෙන
හිමින් ඇදෙනා
සුළං රැල් මැද
සදේ උණුහුම
ගෙනා පෙම් රස
මවා ඔබ ලොව
හීන රසබර
වෙලී තුරුලට
රැයේ අදුරට
නිදා නොනිදා
ආල නෙත් යුග
තෙමා දෙතොළග
කැළඹි පෙම් ලොව
මවා නවනළු
රසය ගී ලොව
වැහිලිහිනි...
තරුමල් හීන
හිත අද්දර
අමුණා එකිනෙක
දෝතට පෑ ආලවන්තකම
විසල් අහස යට
මහමෙරක් මේ හිතට
සද කුමරුනේ
දගකාර ඔය නෙතු
පවසනා ඒ ගීය
අවසරද අහන්නට
ලොවට රහසින්
මගේ පෙම් ලොව
වැහිලිහිනි ...
ඈත හිමයාය වසා
සෙමින් පාවෙන වළාරොද
මිටියාවත පුරා මවන
මතකයේ සෙවනැලි අතර
ජීවිතයේ
යටගියාවට
අරුත්බර සුවද මුසු කළ
විප්ලවීය
අපූරු මිනිසා
බලා ඉන්නම් අදත්
ඔබ එනතුරා
දයාබර දුයිශෙන් ගුරුතුමනි
යෝධ පොප්ලර් තුරු සෙවන ළග
අපේම පුංචි පාසලේ
අල්තිනායි මං
පෙර ඔබෙන් ජීවිතය ලද
වැහිලිහිනි ...
කිසි දිනෙක ඔය දෙතොලේ
සිනා බිදුවක් නොනැගේ
දනී නම් ඔන ලදුනේ
මහද වැලපෙන රාවේ
සාදයක හෝ රැගුමන්
රගන්නෑ ඔබ සතුටින්
දනී නම් පිය ලදුනේ
මහද ගැහෙනා රිද්මේ
ඉකිබිදින හඩ මහදේ
නොඇසුනාදෝ ලදුනේ
ඇසේ නම් ඒ රාවේ
ගී ගයනු බෑ පෙරසේ
ගලා උතුරන,සෙනෙහේ
ඔයා හින්දා මහදේ
දනී නම් මා ලදුනේ
පිටු නොපාවී මෙලෙසේ
වැහිලිහිනි ...
නේක රුවැති කිරිල්ලියන්
සොයා ගොස් වනේ බෝ දුර
අතරමං වෙලා අතුඅග
කිමද තනිවෙලා
සොයන්නට ලොවේ විසිතුර
යන්න ගිය දිනේ මා හැර
කුරුල්ලෝ මා ඇසේ කදුලැලි
දුටුවෙ නෑ ඔයා
පියඹාලා ඈත වනමැද
පුරාවට සද පෑයූ දිනයක
තුඩග තුඩගේ තබා සිහිනෙක
නොයන බව කිය ඔයා මා හැර
කැදැල්ලේ නැත වැසී තව දොර
සැදූ එදවස එක්ව ඔබ මම
සෙනේ ගග නැත ගලා වෙනතක
කුරුල්ලෝ මගෙ එන්න අවසර
වැහිලිහිනි ...
නදුන් උයනේ සිසිල දැනුනේ
ඔබේ රුව හින්දා
සදුන් උයනේ සුවද දැනුනේ
ඔබේ ළග හින්දා
ඔබ කොහේදෝ
ඔබ කොහේදෝ
එන්න මා සොයලා
ඝනදුරේ එන පුන්සදක් සේ
නියගයේ එන වැහි පොදක් සේ
එන්න මා සොයලා
නොවේ ලස්සන එදා මෙන් මට
ගලන දිය ඇල්ලේ
සරන විහගුන් ගයන ගී වැල්
නොරැදේය සවනේ
දිලෙන පුන් සද එදා මෙන් නෑ
සිතට සුව ගෙනෙනා
ගලන ගගුලැල් නගන සිලිනද
වේදනා ගෙනෙනා
ඔබ කොහේදෝ
ඔබ කොහේදෝ
එන්න මා සොයලා
වැහිලිහිනි ...
පාට සරුංගල් ඈත යවන්නට
රෑට කණාමැදිරියො අල්ලන්නට
දෝත පුරා දං පේර කඩන්නට
ආස නැතිවදෝ බැදුණේ සසුනට
සාමණේර හිමියනේ පන්සලට
භාර කරනදා කොණ්ඩය මුඩුකොට
ළමා වියේ ඔය හුරතල් හිත යට
පාර සෙව්වාදෝ හරිමඟ යන්නට
රංචු පිටින් අපි දිව්වා මතකයි
පුංචි කතන්දර කිව්වා මතකයි
රංජි එදා අද සුමේධ සමිදුයි
පුංචි සිවුර ඇද යනහැටි පුදුමයි
වැහිලිහිනි ...
මිහින්තලාවට පායා පුන් සද
මහවන අරණේ ගණ කළුවර බිද
උතුම් කතාවක් කිව්වා දුක් සිද
සිරිලක වැඩියා මුණි අප මිහිසද
අතීතයක් පුරසාරම් පෑ කළ
දෙදහස් පන්සිය වසරක් පසු කළ
තිස්ස නිරිදු කඩු දුනු හී විසිකළ
හිමි දෙසු සදහම් මුසුවිය අප හෙළ
ලිව්වා කවි ගී පොසොන් උදාවට
ගැයුවා බැති ගී දහම් අමාවට
නිම්මා නැති ගුණ වැයුවා මුණිදුට
සෙව්වේ නැතිවද සදහම් අරුතට
ආමීස වැයුමයි දහම් සිසිල යට
පිරිහෙන සිරිලක නරුම සිරිත් යට
උත්තම හිමි ගුණ සැගවී සිත් යට
පංච සීල පද පාවිය ඈතට
මහරජ තිස්සයි මිස්සක පව්වයි
මහ අඹ වනයයි ඒ මුව පොව්වයි
නොම පමණක් වේ පොසොන් උදාවයි
අප මුණි දෙසු දම් සිරිලක පායයි
දුරලා සිත් තුළ අදුරු ලකුණු සද
පුරලා මෙත් සිත් සදහම් ගුණ සද
දැකලා ඒ දම් නුවණැස නිති සද
රැකලා පුදදෙමු අමදම් ගුණ සද
වැහිලිහිනි ...
රෑ හීත
අහස යට
නෙතු වැසෙන හාදු වැසි
සද කුමරුවනි..
අනුරාගී නෙතු කැලුම්
හිත සිබින සුසුම්
මා ළගින්
තියාන
නොයා දුරකට
රැදෙන්
අනන්ත හීන
පොදි බැදන්
තුරුළු වෙන්නට
ඔය ළයේ
ඉඩදෙන්න
මේ මොහොත
කල්පයක්..
වැහිලිහිනි ...
ඈත හිමයාය
තවමත් හීතලයි
ආයෙත් එන්නෙ
උදාවූ
ඒ සමය
එදා
ඔබ කීව
වසන්තය
දකින්නට හැකිනම්
ඔබට
සත්තමයි
පුදුමයකමැයි
සිතාවි නුඹ
මගේ ලොව ඔබ දැක්ක
මිටියාවත පුරා මැව්ව
හුරුපුරුදු
තනිකම
ඉතිං ආයූබෝවන්
නුඹට
ඉඩක් නැහැ බලා ඉන්නට
දුයිශෙන් ගුරුතුමා
එනතුරු
තවත් කල්පයක් ඈත...
වැහිලිහිනි ...
පාට ගෑ හීනයක
ලියා කවි
සිතුවම්කළා
ජීවිතය
සින්නක්කර හිතක් මැද
හමා හා සැඩ මාරුතයට
නොදී ගිලිහී
මිදෙන්නට
මහා පවුරක් ලෙසින් ඔබ
රැකවල සිටියා
මා ළග
පතිනියක් වන්නට
ඔබෙ ලොව
කිරි සුවද සිහිනයක්
මවන්නට
ඔබේ දෑතේ පැටලී
ඇවිද එන්නම් හෙට
අපි පැතූ කුලගෙයක
අපේම
කවියක් ලියන්නට
වැහිලිහිනි ...
නසා තෙදබල රුපුන් අවි සිද
ඇවිත් සැතපෙන් තුරුලෙ මා ළග
දවා අළුකර කුරිරු සිත් බිද
දරා අවි අත මගේ පුතු සද
පොවා රන්කිරි එදා සිහිනෙක
හොවා සද ළග සිනිදු යහනෙක
පතා පැතුමන් රජෙක් වෙන්නට
පුතුනි මා සද බලා වුණි මම
මහා තේජස් යෝධ සවි බල
බීපු ඒ කිරි සවිය ගෙන බල
රටක් සුරකින දේවතා බල
පුතුනි මගෙ සද නුඹයි ඒ බල
නිදා නොනිදා දවසෙ තුන්යම
දේවියො බුදු ළග යදින මේ සිත
බලා උන්නා ඈත ඉම දෙස
කදුළු පිරුණා මහලු නෙත් ළග
රුපුන් බල සිද වඩින සද නුඹ
තුරුලෙ රන්දා ළගට ගෙන නුඹ
හුරතලේකට සනසවා නුඹ
බලා ඉන්නම් එනතුරා නුඹ
කුසට ගින්නක් නොම දැනේවා
මගේ රන්පුතු නිති රැකේවා
නුඹේ මව්බිම හෙට දිනේවා
තුනුරුවන් බල ජය ගෙනේවා
වැහිලිහිනි...
දගකාර හිතගාව සුදුපාට පෙම් සිහින
පෙරදාක කවිකම් ලියා
පාසල පුරා ඇන්ද මල්හීන හැඩකාර
රහසින්ම සිතුවම්කළා
සංසාර සෙවනැල්ල දුර ඈත සිට ආව
නෙතුගාව හසරැල් මවා
ඔබ කීව ලෝකයට පියඹන්න
බෑ අපට මිරිගුවක අප නැවතිලා
තරු හීන මනමාල සදගාව නොතියාම
සිතිජයක සේයා මවා
නුඹ අහස මම පොළව එක්වෙන්න බෑ අපට සීමා ඉමක් ළග තියා
සුදුපාට රැලිගවුම පෙම්බැන්ද ඒ සුවද
පාවේවි පාසල පුරා
හැමදාක හිනැහේවී මතකයක පෙම් මිහිර
මල් මාවතේ නැවතිලා
ගිලිහීලා අර ඈත අවසරද මට යන්න
හිමිනොවෙන ඔයහිත මකා
නොකියන්න නවතින්න තව ඉන්න
බෑ එලෙස නුඹ අයිති නෑ සිත් පුරා
දෑසින් කැලුම් පා නෙතු අගට පෙම් බැන්ද
කුළුදුල් පෙමක් හිත පුරා
මල්වියක ඒ හීන රහසින්ම හංගාන
වෙන්වීලා යමු සිත් වසා
වැහිලිහිනි ...