මිහින්තලාවට පායා පුන් සද
මහවන අරණේ ගණ කළුවර බිද
උතුම් කතාවක් කිව්වා දුක් සිද
සිරිලක වැඩියා මුණි අප මිහිසද
අතීතයක් පුරසාරම් පෑ කළ
දෙදහස් පන්සිය වසරක් පසු කළ
තිස්ස නිරිදු කඩු දුනු හී විසිකළ
හිමි දෙසු සදහම් මුසුවිය අප හෙළ
ලිව්වා කවි ගී පොසොන් උදාවට
ගැයුවා බැති ගී දහම් අමාවට
නිම්මා නැති ගුණ වැයුවා මුණිදුට
සෙව්වේ නැතිවද සදහම් අරුතට
ආමීස වැයුමයි දහම් සිසිල යට
පිරිහෙන සිරිලක නරුම සිරිත් යට
උත්තම හිමි ගුණ සැගවී සිත් යට
පංච සීල පද පාවිය ඈතට
මහරජ තිස්සයි මිස්සක පව්වයි
මහ අඹ වනයයි ඒ මුව පොව්වයි
නොම පමණක් වේ පොසොන් උදාවයි
අප මුණි දෙසු දම් සිරිලක පායයි
දුරලා සිත් තුළ අදුරු ලකුණු සද
පුරලා මෙත් සිත් සදහම් ගුණ සද
දැකලා ඒ දම් නුවණැස නිති සද
රැකලා පුදදෙමු අමදම් ගුණ සද
වැහිලිහිනි ...
No comments:
Post a Comment