හන්තාන ගොළුවෙලා
පෙම් හීන බොද වෙලා
හීතලට මා වෙලා
පිදු සෙනේ වියැකිලා
අද
නෑ ඒ සිනා
මතකය වෙලා
කදුළු කවිකම් මවා
පාලු හිත පුරා
දගකාරකම් පෑ
හිතුවක්කාර
සමනලී
වැහිලිහිනි ...
හන්තාන ගොළුවෙලා
පෙම් හීන බොද වෙලා
හීතලට මා වෙලා
පිදු සෙනේ වියැකිලා
අද
නෑ ඒ සිනා
මතකය වෙලා
කදුළු කවිකම් මවා
පාලු හිත පුරා
දගකාරකම් පෑ
හිතුවක්කාර
සමනලී
වැහිලිහිනි ...
සද පිනි කඩා හැලෙන
පෙම්පාට රෑ අහස
මුමුණනා
පෙම් හීන
අනන්ත අහස යට
අතොරක් නැති
හාදූ වැසි
කඩා වැටුණා
හෙමින්
උණුහුමට
ඔබ ළයේ
සංසාර සුවද ළග
වැහිලිහිනි ...
අනන්තය
සිසාරා
ඇවිදයන්නට
පෙරුමන් පුරා
බලා උන්නා දිනෙක
ඔබේ හිතයට
ලැගුම් ගන්නට
හීන ගෙත්තම්
යතාර්ථයක්
වන්නට
ඇරයුම් කළා ඔබ
කතාකරන නෙතු ළග
ඉතිං ඇවිදයමු
තනිමංසල වෙත
ආදරය තුරුළුකර
විසල් අහසට
රහස් කොදුරා
වැහිලිහිනි ...
ස්වප්නයක්ව
සුරංගනවන් ගෙන ආ
හීනවලට පාට දීපූ
මගේ රෝස පෙත්තෝ
තරුකැට පුංචි ඇස්
මේ ලෝකේ දැක ගන්න
බර වැඩියි ඔය හිතට
දගකාර කිරිකැටියෝ
දුර ඈත එක දවසක
මං දැකපු ඒ හීන
මගේ ඇස් පුදුමකර
මගේ තුරුලේ
දැවටියන්
ඔහොම
අර පේන හීනමල්
ඇහිදින්න එපා හෙට
වැටහේවී
මිරිගුවක්
තුරුලේම ගුලිවෙයන්
උණුහුමට සදාකල්
වැහිලිහිනි ...
අඩ අදුර මැද
තෙමී නොතෙමී
එක කුඩයක
ආලකම් පෑ
හීතල හැන්දෑවට
හිරිපොද උණුහුමේ
ඔයයි මමයි
විතරමයි
මට මතක
වැහිලිහිනි ...
හෙටලොව දකින ඈ රූමත් හැඩකාරී
සිනිදු කෙස් රොදින් ඈ තව පිංකාරී
සිංග්ලිශ් බසින් කියවනවිට කටකාරී
අදලොව හැඩට ඈ හරි විප්ලවකාරී
චීත්තය ඉනට පළා නෑ දැක්කේ
ඩෙනිමට හැඩට උස් පා යුග නිති දැක්කේ
කන බොන විදිය ඒ තාලෙට මම දැක්කේ
අම්මා නුඹයි මේ යුගයට මම දැක්කේ
අම්මා විලස නුඹ මට සැමදා පෙනුනා
නිම්මා නැති සෙනේ නුඹ හදතුල දැනුනා
පෙම්මා වැඩුනු ආදර බස් මට ඇසුනා
මතු බුදුවෙන්න නුඹහට තව පිං පිරුනා
අම්මා කවුරු සෙනෙහස වෙනසක් නැතුවා
ගවුමට කලිසමට රෙද්දට නම් නැතුවා
අම්මා නමයි ඒ අරුතට දොස් නැතුවා
කට හැර කියාපන් අම්මා දුක් නැතුවා
කාලේට තාලයට අම්මා වෙනස්වෙලා
සෙනෙහස පෙරලෙසයි දරුවන් සුව පතලා
නාමය එකලෙසයි සැම සිත් නිති පතලා
අම්මා නුඹ නිසයි ඒ නම ලොව රැදිලා
වැහිලිහිනි...
සිත්තමක්
හැඩ කළා දුර ඈත ඒ දවස
මගේ පොඩි මල් කැකුළ
රැදෙන්
මා ලග
සතුට නුඹ මට
කදුළ නොම සදා
සිසිලසයි නුඹ කිරි සුවද
උතුම් පදවිය
මටම තිළිණ කළ
දගකාර බෝනික්කී
රැකගම් නුඹ
සුරතේ රැදී
මගේ නෙතු යුග
පියෙන තුරාවට
වැහිලිහිනි ....
නොදී ගිලිහෙන්නට
පුංචි දගකාර
සමනලියේ
මගේ තුරුලේ
උණුහුම්ව හීතලට
අහන් ඉදින්
මේ වයන්නේ
සසර පුරාවට
ආදරේ ගීතය
නුඹ එන්ට පෙර දවස
දමා තනුවක් හැඩට
ලීවේ මං කවි පේළී
දූ මැණික
ඔයාටම
උදම් නොවෙම්
මතු දිනෙක
කිරිකර දුන්
ලේ ණයට
මන්ද
මං නුඹේ අම්මා
බුදු බව නොපතනා
වැහිලිහිනි ...