Wednesday, May 4, 2016

පුංචි සමනලියේ

නොදී ගිලිහෙන්නට
පුංචි  දගකාර
සමනලියේ
මගේ තුරුලේ
උණුහුම්ව හීතලට
අහන් ඉදින්
මේ වයන්නේ
සසර පුරාවට
ආදරේ ගීතය
නුඹ එන්ට පෙර දවස
දමා තනුවක් හැඩට
ලීවේ මං කවි පේළී
දූ මැණික
ඔයාටම
උදම් නොවෙම්
මතු දිනෙක
කිරිකර දුන්
ලේ  ණයට
මන්ද
මං නුඹේ අම්මා
බුදු බව නොපතනා

වැහිලිහිනි ...

No comments:

Post a Comment