මහමෙර උසට සෙනෙහස සක්වල පතුරා
තුරුහිස් ළපළු කොළ දළු වනයේ විසිරා
නිතිපෙම් බැදන් අහසට ආලය වපුරා
නිරිදුන් විලස අණසක වනයේ නිසරා
දරුපෙම කොතැන නිති මව්පියො එතැනාය
තිරිසන් මිනිස් නැහැ බේදය නිතිපෑය
ආලය පිරුනු මේ මහ පෙම ගිජිදාය
සුවිසල් පවුල මිහිරැති බැව් පෙන්නාය
මිනිසුන් අතර නැති දරුපෙම මෝරාලා
කෙනෙරත් නුඹත් ඒ පෙම්බර පෙන්නාලා
පතනා ලෙසට සංසාරය කෙටිවීලා
මෙතේ බුදුන් ළග තුන් පියුමන් වීලා
වනස්පතින් අතරින් ගිජිකුළ විලසා
තාලෙට පාද තබමින් ඉදිරියට ගොසා
පෙර සංසාරයේ පැතුමෙන් ලංව මෙසා
නිවන් යන්න පිං පුරපන් එක්ව තොසා
වැහිලිහිනි...
No comments:
Post a Comment