සංසාර සාගරේ
ජීවිතය සොයා ගිය
අතර මග කතරෙදි
දිවිගමන එළිය විය
පහන් ටැඹක් වී....
ආත්මයම මට උරුම සින්නක්කර
විය නුඹට
මගේ හිමිකාරයාණෙනි
දහසකුත් පැතුම් පොදි
මහමෙරක් සේ උසට
මා සිතට පුරවන්නට
ළයට ලංවූ
ඔබ
සෙනෙහසේ අරුත
ඔබේ වදනින්
කියන් හිමියනි
කනට කොදුරා ආදරින්..
ජීවිතය සොයා ගිය
අතර මග කතරෙදි
දිවිගමන එළිය විය
පහන් ටැඹක් වී....
ආත්මයම මට උරුම සින්නක්කර
විය නුඹට
මගේ හිමිකාරයාණෙනි
දහසකුත් පැතුම් පොදි
මහමෙරක් සේ උසට
මා සිතට පුරවන්නට
ළයට ලංවූ
ඔබ
සෙනෙහසේ අරුත
ඔබේ වදනින්
කියන් හිමියනි
කනට කොදුරා ආදරින්..
වැහිලිහිනි...
No comments:
Post a Comment