Wednesday, April 20, 2016

මහ ඇත් රජුනි මිනිසත් බව ලැබ ගන්න

පිංවත් හස්ති කරඩුවගෙන වඩින සද
අප මුනිදුන්ට ගරුසරු සිත් පිරෙන සද
බොහෝ දනා සාදු නදින් වදින සද
මහ ඇත් රජුනි නුඹහට පිං පිරෙන සද
තිරිසන් කුලේ ඉපදී මෙලොවට ආවා
මිනිසත් බවක් ලබනට තව පිං පිරුනා
මිනිසුන් තිරිසන්නු ලෙස බෝ පව් කෙරුවා
මහ ඇත් රජුනි නුඹහට ආයුශ පැතුවා
මතු බුදුවෙනා සමිදුන් ලග තබා හිස
නුබ ලැබ ගන්න විවරණ මතු බුදුවෙන්න
සාදු නදින් පිං මහිමය වැඩිවෙන්න
මහ ඇත් රජුනි මිනිසත් බව ලැබ ගන්න

වැහිලිහිනි

No comments:

Post a Comment