වැහිලිහිනි විලාපය
මගේ පැටව් සොයා දියව්
අහස පුරා
පොළව පුරා
කොයි ගියාද සොයා දියව්
අහස පුරා
පොළව පුරා
කොයි ගියාද සොයා දියව්
තැනූ පුංචි කැදැල්ලේ
අපි හිටියා නිදැල්ලේ
කඩා දමා
පුංචි කූඩූ උන්ට ලොවක් තනන්නේ
අපි හිටියා නිදැල්ලේ
කඩා දමා
පුංචි කූඩූ උන්ට ලොවක් තනන්නේ
අහස පුරා වගුරුවා
කදුලු බිංදු බේරුනා
මහ පොළවට බර වුණා
සත් සමුදුර වෙත ගියා
කදුලු බිංදු බේරුනා
මහ පොළවට බර වුණා
සත් සමුදුර වෙත ගියා
ලිහිනි කදුලු මහමෙරයි
දරුදුක ඊටත් වැඩියි
සයුරු පත්ල දෙපළු කරන්
දළ රළ ගොඩබිම වසයි
දරුදුක ඊටත් වැඩියි
සයුරු පත්ල දෙපළු කරන්
දළ රළ ගොඩබිම වසයි
වැහිලිහිනි...
No comments:
Post a Comment