Sunday, April 24, 2016

නුඹට හැකිවේද මා රැකගන්න

දසමසක් වින්දත්
දරා කුස
දහදුක්
පෙරුමන් පිරූවත් කල්පයක්
නුඹේ පුතුවෙන්නට
මතු බුදුවෙන්න විවරණ ලදමුත්
හැකිද
ලොවෙන් දොසක් නොඅසා
නුඹට මා රැකගන්න
නැතිව උප්පැන්නයට
නමක්
පියෙකුගෙ
නිතීයට අවනත
සාරධර්ම පිරුණු
උතුම් රටක
සත්ගුණවත් උත්තමයන් මැද

වැහිලිහිනි...

No comments:

Post a Comment