මල් පෙති සිනිදු දෑතින් දෛවය ලියන
නොකිලිටි සිතින් හෙට ලෝකය ගොඩ නගන
මව්පිය සෙනේ රැකවරණය නැත සොයන
කුසගිනි දැනුනු තැන සිත් සේ කදුළු බොන
ලෝකය දිනෙක නුඹ කව්දැයි විමසාවී
නුඹවත් නොදන්නා නුඹහට නම් දේවී
මහ ලොකු සමාජෙම ඒ නම ගරහාවී
තලපන් උණුනොවෙන කලුගල් පෑරේවී
නුඹවත් නොදන්නා නුඹහට නම් දේවී
මහ ලොකු සමාජෙම ඒ නම ගරහාවී
තලපන් උණුනොවෙන කලුගල් පෑරේවී
හදහාමී කිරිපැනි ගෙන එන්නේ නෑ
සුරංගනාවිය සළුපිළි දෙන්නේ නෑ
නුඹහට සරණ මේ තුන් ලෝකෙම අද නෑ
සිත සවි අරන් හැදියන් හෙට වරදින් නෑ
සුරංගනාවිය සළුපිළි දෙන්නේ නෑ
නුඹහට සරණ මේ තුන් ලෝකෙම අද නෑ
සිත සවි අරන් හැදියන් හෙට වරදින් නෑ
අමාවකට පුන්සද වී පායාපන්
වියලුනු කතර දිය සිසිලෙන් නාවාපන්
මියැදුනු ලොවට ජීවිතයක් කැන්දාපන්
පව් වියැකෙන්න මේ දහදුක් ඉවසාපන්
වියලුනු කතර දිය සිසිලෙන් නාවාපන්
මියැදුනු ලොවට ජීවිතයක් කැන්දාපන්
පව් වියැකෙන්න මේ දහදුක් ඉවසාපන්
වැහිලිහිනි
No comments:
Post a Comment