*ගරුසරු හාමුලා*
වැඩිහිටියන් ගන්නවා හිරිකිත ආතල්
ඒපව් ගෙවන දරුවෝ හෙලතිය කදුලැල්
ළමා නිවාසෙක ඉන්නා හරි හුරතල්
දරුවගෙ මව්පියන් සැගවී ඇත සැමකල්
ඒපව් ගෙවන දරුවෝ හෙලතිය කදුලැල්
ළමා නිවාසෙක ඉන්නා හරි හුරතල්
දරුවගෙ මව්පියන් සැගවී ඇත සැමකල්
නැතිබැරි කතක් ආවා ගෙදරක වැඩට
බැලමෙහෙවර කලා රෑවන තුරු හොදට
දරුවෙක් දීලා ඇය දැම්මා මහමගට
සිගමන් යැද්දේ ඉන්පසු නැතිබැරිකමට
බැලමෙහෙවර කලා රෑවන තුරු හොදට
දරුවෙක් දීලා ඇය දැම්මා මහමගට
සිගමන් යැද්දේ ඉන්පසු නැතිබැරිකමට
දරුවගෙ තාත්‍තා නමගිය හාමු කෙනෙක්
කළේ හාමු අර ගෑනිට කැතම වැඩක්
ලැජ්ජාවෙන් බේරෙන්නට නොමැත ඉඩක්
ගැහැණිය මැරෙව්වා නැත නීතියේ හඩක්
කළේ හාමු අර ගෑනිට කැතම වැඩක්
ලැජ්ජාවෙන් බේරෙන්නට නොමැත ඉඩක්
ගැහැණිය මැරෙව්වා නැත නීතියේ හඩක්
මළ බව නොදත් අම්මට තුරුලුව දරුවා
පැයගනනක් මළමිනියෙන් කිරිබිව්වා
අම්මගේ තුරුලෙ තව තව උණුහුම සෙව්වා
දරුවා ඉන්පස්සේ දරු නිවසට යැව්වා
පැයගනනක් මළමිනියෙන් කිරිබිව්වා
අම්මගේ තුරුලෙ තව තව උණුහුම සෙව්වා
දරුවා ඉන්පස්සේ දරු නිවසට යැව්වා
ගැහැණිය වෙතින් ලබලා කැත ආසාව
නැති දරුවෙක් දීලා මහමග යැව්ව
තමනගෙ ලේ ත් තැන් තැන්වල පල් කෙරුව
මේ වගෙ හාමුලා වැජඹේ ගරුසරුව..
නැති දරුවෙක් දීලා මහමග යැව්ව
තමනගෙ ලේ ත් තැන් තැන්වල පල් කෙරුව
මේ වගෙ හාමුලා වැජඹේ ගරුසරුව..
වැහිලිහිනි...
(දශක කීපයකට සිදුවූ සත්‍ය සිදුවීමක් ඇසුරෙන් කල නිර්මාණයකි)
(දශක කීපයකට සිදුවූ සත්‍ය සිදුවීමක් ඇසුරෙන් කල නිර්මාණයකි)
No comments:
Post a Comment