බෝ සමිදුන් වැද ඉල්ලයි හිතේ පැතුම්
දෙවියන් යැද පවසයි ඇති හිතේ සිතුම්
බුදුහිමියන් තෙවරක් වැඩි බිමකි උතුම්
හිත පිරෙන්න උන් හැදෙන්න කරයි කෙරුම්
දෙවියන් යැද පවසයි ඇති හිතේ සිතුම්
බුදුහිමියන් තෙවරක් වැඩි බිමකි උතුම්
හිත පිරෙන්න උන් හැදෙන්න කරයි කෙරුම්
මගේ පුතා දොස්තර වෙයි දිනක මතු
උඹේ පුතා හොරෙක් උනත් මොකද මතු
දොස්තර ගෙයි සොරකු අතින් බිදෙයි මතු
ඉරිසියාව දෝරේ ගලයි වෙමින් මතු
උඹේ පුතා හොරෙක් උනත් මොකද මතු
දොස්තර ගෙයි සොරකු අතින් බිදෙයි මතු
ඉරිසියාව දෝරේ ගලයි වෙමින් මතු
රුවගුණ ඇති ඈ කෙල්ලෙකි පිනට ලැබූ
හොද අම්මණ්ඩි ඒකිත් දැන් කියයි කලූ
දෙමව්පියන් උපතින් දුන් රුව හැඩලූ
කැත ගෑණිත් පතිවත ගැන කිව්වාලූ
හොද අම්මණ්ඩි ඒකිත් දැන් කියයි කලූ
දෙමව්පියන් උපතින් දුන් රුව හැඩලූ
කැත ගෑණිත් පතිවත ගැන කිව්වාලූ
එකෙක් මරා එකෙක් වෙසෙයි සුදුපාටින්
නූගත් උගේ හිත උණුවෙයි කලුපාටින්
නුබ පාගන් මම ඉන්නම් මොකද ඉතින්
මොන කෙරුමත් මරණෙට නම් යටයි ඉතින්.
නූගත් උගේ හිත උණුවෙයි කලුපාටින්
නුබ පාගන් මම ඉන්නම් මොකද ඉතින්
මොන කෙරුමත් මරණෙට නම් යටයි ඉතින්.
වැහිලිහිනි...
No comments:
Post a Comment