Wednesday, April 20, 2016

සීයා ඔබ..

Image result for grandfather and daughter cartoon  images
තුරුලට අරං දූ පැටියෝ කීව ඔබ
ජාතක කතා පොත කියලා දුන්න ඔබ
සොබා දහම කවියෙන් මට දුන්නු ඔබ
ඈතට ගියා මා තනිකර දමා ඔබ
පෝය දාට සිල් අරගෙන ආව ඔබ
දානෙට දුන්නු රස ආහාර ගෙනා ඔබ
දූ පැටියෝ මං ආවා කීව ඔබ
මා තනිකර හැංගුනාද කියන් ඔබ
ගං දිය සමග මා හා ගී කීව ඔබ
වෙල් ඉපනැල්ලේ දිව යන්නට ආව ඔබ
මාදං පේර ඔඩොක්කුවක් ගෙනා ඔබ
දුර ඈතට ඉගිලුනාද කොහේ ඔබ
හැන්දෑවට කවි බණ පද කීව ඔබ
පෝයදාට පායන පුන් සදකි ඔබ
යලි කිසිදා මට දකින්න නොහැකි ඔබ
නිවන් යන්න පිං පිරුවා බොහෝ ඔබ
සුදු රැවුලයි මද සිනහයි හැඩට ඔබ
ජීවිතයම කවියෙන් මට කීව ඔබ
මා හැර දමා හැංගීලා ගියා ඔබ
මං ආදරෙයි හැමදාමත් සීයා ඔබ..

වැහිලිහිනි...

No comments:

Post a Comment