Wednesday, April 20, 2016

සිතුවමකි නුඹ

වැහි ලිහිනි's photo.සිතුවමකි නුඹ මගේ සිත් පුවරුවේ
සිත්තම් කලෙමි මං නොනිමි ප්‍රීතියෙන්
දිනෙක
මගේ සිත් පුවරුව මතින්
නුඹ නම් සිතුවම බොදකර
ඔහු නැමැති සිතුවම
නුඹ නම් පුවරුවේ
සිත්තම් කළේ මං නොව ඔබයි..
යලිත්...
ඔබ පැමිණ මා සිත් පුවරුවේ
නුඹ නැමැති සිතුවමක්
සිත්තම් කරන්නයැයි
අණදෙයි අයදියි...
සමාවෙයන් මට
නොමැත යලිදු එවන් වරමක්
මා සිත් පුවරුව
ලබ්ඩබ් හඩින් ගැහෙන හදවතක් බැව්
සදා නොවෙනස්...

වැහිලිහිනි...

No comments:

Post a Comment