Wednesday, April 20, 2016

අහස නුඹ දුරයි

Image result for romantic cartoon sad couple images

අහස නුඹ දුරයි සීත ඉම කොනයි
සිතිජ ඉම ළග මුණ ගැසී
ඈත පෙර දින ඔබට ලං වුණ
මගේ හදවත ඉකිගසයි
සිහින මංදාරම් රැයේ
පහන්ටැඹ ළග තනිවෙලා
ඉකිගසා හැඩු බිදී ගිය හිත
පැතුම් අභියස ගොලුවෙලා
ඔබ පැතූ මා මා පැතූ ඔබ
හිතට හොරහින් දුර ගියා
මගේ නෙත් ලග කදුළු බොදකළ
ඔබේ ලෝකය ඈ වෙලා
ඔබට පෙම්කළ මගේ හිත අද
ඉකිබිදින හඩ රැව්දෙනා
පේන කදුයාය මිහිදුමින් හැඩ
අහස් කුස සිප වැලපෙනා
වැහිලිහිනි...

No comments:

Post a Comment