මිටියාවත ඉහත්තාවට
සීතට වැහි වැටෙනවා
පාලූ නිම්නයේ ඈත කෙළවර
මීදුම් පටල අතරින්
නුඹේ රුව මැවෙනවා
අඩවන් කවුළුපියන්
අතරින් සුළං රැලි දැවටී
වැටෙන කදුලැලි සිබිනවා
දරන්නේ කෝම මං
වස්සානායට මං මුලාවූ
අනෝරා මහා වැස්සට
තෙමුණු අපේ ආදරය
අතරමග තනිවී
මං තාම එතැනමයි
එන්න ආපසු එදා මෙන්
උහුලන්නට බර වැඩී
මේ කදුළු මට මහමෙරයි
සීතට වැහි වැටෙනවා
පාලූ නිම්නයේ ඈත කෙළවර
මීදුම් පටල අතරින්
නුඹේ රුව මැවෙනවා
අඩවන් කවුළුපියන්
අතරින් සුළං රැලි දැවටී
වැටෙන කදුලැලි සිබිනවා
දරන්නේ කෝම මං
වස්සානායට මං මුලාවූ
අනෝරා මහා වැස්සට
තෙමුණු අපේ ආදරය
අතරමග තනිවී
මං තාම එතැනමයි
එන්න ආපසු එදා මෙන්
උහුලන්නට බර වැඩී
මේ කදුළු මට මහමෙරයි
වැහිලිහිනි...
No comments:
Post a Comment