...අපූරු මංගල්‍ය...
හිරිමල් යොවුන් විය එලැබී ටිකකලෙකි
ඉලන්දාරියා කුලුදුල් මල් පෙමකි
කුලය හීන බව ගෙදරට වෙන දුකකි
ඔහු පෙම නැවතුනා සිව් වස් ගිය දිනකි
බෝ මනමාලියන් සෙයුමට වෙහෙසෙනවා
සල්ලි බාගේ යහමින් මව් ලතැවෙනවා
අන්තීමෙදී සල්ලී මල්ල හමුවෙනවා
දෑවද්දත් අරං ඇයව කැන්දනවා
නැන්දාමට හරි සතුටුයි සල්ලි ගොඩයි
ලේලිය තවත් සෙව්මට රැකියාවට යයි
අටමස් ගොසින් ඈ දවසක් නොආ බවයි
ඈ පෙම් කරපු පෙම්වන්තයා අරං ගියැයි..
පෝරුව මතදී ඈ සිටියේ හිමි සමගයි
එ දෙස බලන් පෙම් කෙරුවේ
ඇගෙ කුමරයි
නැන්දම්මාගේ රෙදි ගැලවී ගිය පාටයි
අපේ පුතා මලක් වගේ ඈ පවසයි
මලක් වගේ පිරිමි මොටද ගෑනුන්ට
මමී ඩැඩී හරි හුරතල් කියවිල්ල
කොන්දක් තියන පිරිමින්ටත් හරි ලැජ්ජ
මෙවගේ බාග පිරිමින් වෙයි අප අතර
සල්ලි සල්ලි මොනව උනත් ඇත මල්ලී
අන්තීමෙදී ගෑනිත් පිටටම යන්නී
පිරිමි නෙමෙයි අද සල්ලියි බැදගන්නී
පවුල් කන්න ගොස් අල්ලනවා ජල්ලී..
වැහිලිහිනි...
No comments:
Post a Comment