Wednesday, April 20, 2016

ගුණවත් උපසාක

Image result for black and white image
කරඩුව ඔලුව මත දැහැමින් තියාගෙන
සුදු පිරුවතින් ගත සැරසී සිනාගෙන
සාදු සාදු සිල්වත් බව පෙරාගෙන
වඩිති උපාසක උන්දෑ පන්සලට

දාන සීල පූජාවන් හැමදාම
උදේසවස මුණිදු පුදයි හිතබැතින
පන්සල් බෝදි දකිනා විට ඔන්න
ඉස්සෙයි පස්ස බැතිබර වී මුලුගතම
අල්ලපු ගෙදර ඉන්නා කොලු දගකාර
ජයගත්තා විභාග සැම එකිනෙකට
උපාසකට තද වූවා මේ අතර
සිල් අමතකයි දෙස් තිබ්බා කොලුට අර
ගත සිත වෙව්ලමින් උත්තම රගදෙනවා
හොද පිං සිතක් උන්දැට සිහියට එනවා
කොලුව මරන්නට මුදලක් දන්දෙනවා
කොලුගෙ පියා කඩුපහරින් මිය යනවා
දුප්පත් අම්මා පුතු දොස්තර කරයි දින
නීතියා පිහිට පිය වෙනුවෙන් පතයි ඇය
පිලිසරණින් උපාසකට ලැබෙයි පින
සාදු සාදූ මේ විලසට ගෙවුනි දින
පිංපව් දෙකම රියසක ලෙස කැරකෙනවා
කළ පිං උපාසක පස්සෙන් පන්නනවා
තම පුතු අතින් උත්තම පරලොව යනවා
ගුණවත් උපසාක ගැන සැම දුක් වෙනවා..
වැහිලිහිනි...

No comments:

Post a Comment