Wednesday, April 20, 2016

සාමයෙ නාමය

සිලි සිලි සිසිලස දසත හමන්නේ
සිහිලැල් මදනළ ගත දැවටෙන්නේ
සාමයෙ නාමය රැව්පිලි දෙන්නේ
යහපත් සිත් සැම පුබුදුකරන්නේ
තරුවක් අහසේ ඈත දිලෙන්නේ
දෙව්මව් තුරුලේ බිළිදු නිදන්නේ
සක්වල දෙවියෝ අසිරි පතන්නේ
සමිදු ජේසු ලොව එළිය කරන්නේ
හිමකැට සීතල පොළොව සිබින්නේ
සොබා දහම් මව් ගීය ගයන්නේ
සැමසිත් සතුටින් පිරි ඉතිරෙන්නේ
නත්තල් අසිරිය ලොවට කියන්නේ

වැහිලිහිනි..
Image result for christmas and jesus

No comments:

Post a Comment