Wednesday, April 20, 2016

අරුමයකි පුත් නෙළුම තනිව බුදු ගෙට වඩින


දසමස දරා
කිරිදිය පොවා
දොයි දොයි තාලෙන් නලවා
වැව් තොටිල්ලේ
හිස පැළදි පුත් නෙළුම
වැඩූ මව් නටුව
මලක මෙහෙවර පිණිස
අතිනතට පැමිණ
පුත් නෙළුම
පුදබිම් මුව දොරදි
නටු අගින් ගිලිහුණා
නැත වාරු අම්මාට
කසළ බදුනට වැටෙන
අරුමයකි පුත් නෙළුම
තනිව බුදු ගෙට වඩින...

No comments:

Post a Comment