
සිත ඇතුළින් හැංගී ඉකිබින්ද නුඹ
අහසක් තරම් නිති සෙනෙහස දුන්නු නුඹ
හංගා කදුළු හිනැහී ඇස් අගින් නුඹ
අප සැනසුවා සැනසුම නොලබාම නුඹ
තරවටු කළා පදමට දිවි හැඩවෙන්න
පලබර වුණා ඔබ සිත් සේ මතු ඔන්න
අපි ලංවුණා අර අහසට රජ වෙන්න
ඔබ රජ වුණා ඒ සතුටට සැනසෙන්න
දරදඩු දෑත වෙර වීරිය ලැබී එදා
අප ගිනි නිවී බඩකට සිත පිරී මෙදා
දහදුක් විදී ඒ දවසට දිවිය පුදා
ගත දහඩියෙන් මුළු ජීවිතයම සෝදා
තුන් ලෝකයට අදිපත් මහ දෙවිදු නුඹ
මුළු ලොව එළියවෙයි තෙද බල හිරුය නුඹ
මුදු බව පිරුණු සදු මෙන් සිසිලසයි නුඹ
අම්මා බුදුවෙන්න විවරණ දුන්න නුඹ
ඔබ නැතිදාට දෙදරා යයි අපේ ලොව
පැල නැති හේන මෙන් තනිවෙයි අපේ ලොව
මහ වැසී වැටී උතුරා යයි අපේ ලොව
මහමෙර තාත්තා ඔබමයි අපේ ලොව
වැහිලිහිනි...
No comments:
Post a Comment