Wednesday, April 20, 2016

දෙසැම්බර් 26

දෙසැම්බර් 26

නිල් පාට මහ සයුර අද නිහඩ කිව මන්ද
එදා කැලඹී සසල ගොඩබිමට දිව ආව
බත්පතද ඇදිවතද උන් එක්ක අරගත්ත
එදා හඩ අද නිහඩ උන් සයුර පත්ලේද
හිත් පිත් නැති නුඹට කොහොම සැරවැර කළද
නුබ නෑසූනා සේම වෙරළ සිප හිනැහේද
දෝර ගිය සෙනෙහෙ උන් පුදදීපු හැටි ඒද
සුනුවිසිනු කරලමින් මහ පොළව කැළඹීද
දහසකුත් රැළි පෙලට කඩා වැදුනිය ගොඩට
වියරුවෙන් උදම් වී සයුරු බිම විය දෙකඩ
උරගාපු මිනිස්කම එකාමෙන් නැගී සිට
පිළිසරණ විය ඔවුන් අතහැරපු සෙනෙහසට
එපා කිසි දින එවන් යලිදු කිසිදා වෙන්න
එදා මෙන් අදත් සිත හඩයි දිවගොස් ඈත
මතකයේ කෙළවරක හඩන සිත් සනසන්න
පතමු සැම සැනසුමක් සයුර බිලිගත් සැමට!

වැහිලිහිනි...

No comments:

Post a Comment