Sunday, April 24, 2016

නිවන් යන්න පිං පුරපන්

මහමෙර උසට සෙනෙහස සක්වල පතුරා
තුරුහිස් ළපළු කොළ දළු වනයේ විසිරා
නිතිපෙම් බැදන් අහසට ආලය වපුරා
නිරිදුන් විලස අණසක වනයේ නිසරා

දරුපෙම කොතැන නිති මව්පියො එතැනාය
තිරිසන් මිනිස් නැහැ බේදය නිතිපෑය
ආලය පිරුනු මේ මහ පෙම ගිජිදාය
සුවිසල් පවුල මිහිරැති බැව් පෙන්නාය

මිනිසුන් අතර නැති දරුපෙම මෝරාලා
කෙනෙරත් නුඹත් ඒ පෙම්බර පෙන්නාලා
පතනා ලෙසට සංසාරය කෙටිවීලා
මෙතේ බුදුන් ළග තුන් පියුමන් වීලා

වනස්පතින් අතරින් ගිජිකුළ විලසා
තාලෙට පාද තබමින් ඉදිරියට ගොසා
පෙර සංසාරයේ පැතුමෙන් ලංව මෙසා
නිවන් යන්න පිං පුරපන් එක්ව තොසා

වැහිලිහිනි...

තිරසාර සංවර්ධනය

වැහි බිදිති රැගෙන ඈතින් ඇදෙන
සුලං රැල් තුරුල් කොට
ගිම්හානයට සිසිල දුන්
වනස්පතීහු
ගෙළ මුලින්
ඝාතනය කොට
ඔවුන්ගේ සිරුරු මතින්
ඝාතකයන්ගේම අභිවුර්දිය සොයන
තිරසාර සංවර්දනය..

වැහිලිහිනි...

දගකාර පළගැටියා

දේදුනු පාට හීන
එකිනෙකට අමුණා
සිත්තම් කරපු
සිතුම්‍ රැල්
මිලට ගන්නට බලා උන්නු
දගකාර පළගැටියෙක්
අදුරට හොරා දිළිසුන
පහන් එළියට
රහසේම අළුවිය..

වැහිලිහිනි...

ජීවිතය


පළමු පන්තියට ඉස්තරම්
දෙවනි පන්තියට සෑහෙන
තුන්වන පන්තියට දුක්බර
අපූරු වාසනා චක්‍රයක්...
තුන්වෙනි පාන්තිකයෝ
ජීවිතය පුරාම එක්කහු කරන හීන
පළමු පාන්තිකයෝ එක රැයින් අත්විදින...
දෙවෙනි පාන්තිකයන්ට ඇස් ඉස්සරහ බොදවෙන
අපූරු ජීවිතයක
උරගා බැලීම...
සියල්ල වාසනවා උඩ කැරකෙන සූදුවක්...
දවසක ඔබට මට උඩුයටිකුරු වෙච්චි හීන ළග
සිද්දවේවි එක්කහු කරපු හීන වෙනස් කරන්න...
මොකද ජීවිතය කියන්නේ
ඒකට..

වැහිලිහිනි...

fantasy wedding

දහසක් හීන දකින
මංගල හීනේ
කරගන්නට නොහැකි යතාර්තය
දහසකට පෙනෙන්නට
එකෙක්
කනහැටි...

වැහිලිහිනි.

නුඹට හැකිවේද මා රැකගන්න

දසමසක් වින්දත්
දරා කුස
දහදුක්
පෙරුමන් පිරූවත් කල්පයක්
නුඹේ පුතුවෙන්නට
මතු බුදුවෙන්න විවරණ ලදමුත්
හැකිද
ලොවෙන් දොසක් නොඅසා
නුඹට මා රැකගන්න
නැතිව උප්පැන්නයට
නමක්
පියෙකුගෙ
නිතීයට අවනත
සාරධර්ම පිරුණු
උතුම් රටක
සත්ගුණවත් උත්තමයන් මැද

වැහිලිහිනි...

Thursday, April 21, 2016

"Happy valentines day"

වැහි ලිහිනි's photo.









ජීවිතය තුළ යතාර්තය හංගාන
ලෝකෙට හීන කතන්දර පෙන්වා
අපේ කාලේ ආදරය යහනට සීමවෙච්චී යොවුන් විය තුළ
එකා දෙන්නා සමගින් නිදිවැද
"Happy valentines day"
සමරන්න වලිකන පෙම්වතුන් අතර
රහසින් පෙම් කරමින් ආත්මගානකට ජීවිතය ලියන

 ආදරණීය පෙම්වතුන්ද සිටිත්.

වැහිලිහිනි...

පව් වියැකෙන්න මේ දහදුක් ඉවසාපන්

වැහි ලිහිනි's photo.


මල් පෙති සිනිදු දෑතින් දෛවය ලියන
නොකිලිටි සිතින් හෙට ලෝකය ගොඩ නගන
මව්පිය සෙනේ රැකවරණය නැත සොයන
කුසගිනි දැනුනු තැන සිත් සේ කදුළු බොන
ලෝකය දිනෙක නුඹ කව්දැයි විමසාවී
නුඹවත් නොදන්නා නුඹහට නම් දේවී
මහ ලොකු සමාජෙම ඒ නම ගරහාවී
තලපන් උණුනොවෙන කලුගල් පෑරේවී
හදහාමී කිරිපැනි ගෙන එන්නේ නෑ
සුරංගනාවිය සළුපිළි දෙන්නේ නෑ
නුඹහට සරණ මේ තුන් ලෝකෙම අද නෑ
සිත සවි අරන් හැදියන් හෙට වරදින් නෑ
අමාවකට පුන්සද වී පායාපන්
වියලුනු කතර දිය සිසිලෙන් නාවාපන්
මියැදුනු ලොවට ජීවිතයක් කැන්දාපන්
පව් වියැකෙන්න මේ දහදුක් ඉවසාපන්

වැහිලිහිනි

ලංකාවේ දිගම දුම්රිය උමං මාර්ගයේ සිත් කම්පා කරවන ජාවාරමක් හෙළිවේ 8/2/16

වැහිලිහිනි විලාපය

මගේ පැටව් සොයා දියව්
අහස පුරා
පොළව පුරා
කොයි ගියාද සොයා දියව්
තැනූ පුංචි කැදැල්ලේ
අපි හිටියා නිදැල්ලේ
කඩා දමා
පුංචි කූඩූ උන්ට ලොවක් තනන්නේ
වැහි ලිහිනි's photo.සීසීකඩ විසිරුනා
ලිහිනි පැටව් කොයි ගියා
පොළව බදා වැළපුනා
මුලු අහසම දෙදරුවා
අහස පුරා වගුරුවා
කදුලු බිංදු බේරුනා
මහ පොළවට බර වුණා
සත් සමුදුර වෙත ගියා
ලිහිනි කදුලු මහමෙරයි
දරුදුක ඊටත් වැඩියි
සයුරු පත්ල දෙපළු කරන්
දළ රළ ගොඩබිම වසයි
වැහිලිහිනි...

මං ආදරෙයි තවමත්

වෙන්වෙන්න දැන් ළගයි
උණුවෙච්චි
කදුළු කැට
නෙතගින් රූරා වැටෙන්නේ
ඉකිලන හිතට දරන්න බැරි හන්දාමයි
රත්තරං
මං ආදරෙයි තවමත්
එදා මෙන් මතුවටත්
ආපසු හැරෙන්න අවසරයි
මේ හිතට දරන්න බැරි දුක
අහවර වේවි සැනෙකින්..

වැහිලිහිනි...

මිහිරියි ජීවිතය

වැහි ලිහිනි's photo.
සිහිනයක් ඔයා මට
හෙමිහෙමින් ලංවුණ
මිහිරියි ජීවිතය
ඔයා ළග උණුහුමට
දගකාර යොවුන්විය
හැඩවෙච්චි හිත ගාව
ඉන්න මං හරි ආස
ඔයා ළග හැමදාම...

වැහිලිහිනි...

නිදහස

වැහි ලිහිනි's photo.










ලේ බිදිති වගුරුවා
මහපොළව සිප
හිස් අවකාශයට හුස්ම මුසුකොට
ජීවිත පරිත්‍යාගය

රටට දායද කොට
උන්ගේ මළකදන් මතින්
නිදහසේ පාවඩ එළා
අනාගත ලෝකයට
උතුම් මව්බිම
"ශ්‍ර්‍රී ලංකා"
දිවිහිමියෙන්
ඔබට මට රැකදුන්
නොමියෙන විරුවන්
සදා
පූජනීයයි
වන්දනීයයි...

වැහිලිහිනි...

Wednesday, April 20, 2016

සිතුවමකි නුඹ

වැහි ලිහිනි's photo.සිතුවමකි නුඹ මගේ සිත් පුවරුවේ
සිත්තම් කලෙමි මං නොනිමි ප්‍රීතියෙන්
දිනෙක
මගේ සිත් පුවරුව මතින්
නුඹ නම් සිතුවම බොදකර
ඔහු නැමැති සිතුවම
නුඹ නම් පුවරුවේ
සිත්තම් කළේ මං නොව ඔබයි..
යලිත්...
ඔබ පැමිණ මා සිත් පුවරුවේ
නුඹ නැමැති සිතුවමක්
සිත්තම් කරන්නයැයි
අණදෙයි අයදියි...
සමාවෙයන් මට
නොමැත යලිදු එවන් වරමක්
මා සිත් පුවරුව
ලබ්ඩබ් හඩින් ගැහෙන හදවතක් බැව්
සදා නොවෙනස්...

වැහිලිහිනි...

පතිනියේ වරම් ලද

වැහි ලිහිනි's photo.
වන්නට පතිනියක
වරම් ලැබූ
කුමරියනි..
සිනාවන් රැදෙන්නේ
දෙතොළග
සැබවින්ම ආ නිසාවෙනි
ප්‍රථම යාත්‍රාව නුඹ
පිවිතුරුව නොකිලිටිව
ජීවිතාවබෝදය පිරිපුන්ව
යොවුන් සොදුරියක විලස...
ආදරය ..කුමක්වේද
හදෙහි ලියලන
පවිටු හැගුම් නොදී ඉඩකඩ වැඩෙන්නට..
අපූර්ව වූ සොදුරු සමාජයකට
සිනාවෙන්
ලංවිය හැකි
උත්තරීතර සිතුවිල්ල
වේ මැයි එය
කිසිදා නොකිලිටිව
පරනොවන මලක් ලෙස
හදෙහි ලැගුමන් ලබන!

වැහිලිහිනි...

මුදලට... බිද ගත්ත සිල්

Image result for sad marriage  images

අහසක් උසට ආලය පෙන්වා
පෝරුව මතින්
පතිකුලයට ගියදා
වැටහුණ කළ
මිල කළ නොහැකි බැව්
ආදරය විවාහය
මුදලට...
බිද ගත්තා සිල්
ගිනිගත් මංගල යහන මැද
මුවාවී
කසාද සහතිකයට ලොවම
පිළිගත්...


වැහිලිහිනි.

කුමරුවනි පෙම්බරාණ

තාරුකා මණ්ඩලෙන්
දුර ඈත පාවෙලා
සිහිනයෙන් සිත මගේ
පිරිමදින කුමරුනි
අමාවක සද නොවී
එළිය දෙන් හිරු ලෙසින්
මංදාරමින් එහා
පාර කී මල් ලතා
නොරැවටී මා ළගින්
නොයන් ඈතක බලා
කදුළකට සිනහ වී
සුසුමකට හාදූ දී
පැතූ ලෙස මතුමතුත්
රැදෙන් නොබිදා මසිත
කුමරුවනි පෙම්බරාණ..

වැහිලිහිනි...

වලාකුලට මුවාවී

Image result for sky nature images

වලාකුලට මුවාවී
නිලඹර සිබින
ගිනියම් ඉර අව්ව
ලපළු තුරුහිස් මුදුනින්
සීතල 
මහ පොළව
උණුහුම් කරන
දගකාරකම් ළග
ඔච්චම්පාන අපූරුව
වැහිලිහිනි...

අත්තටු සිදුනු කිරිල්ලියේ

වැහි ලිහිනි's photo.අත්තටු සිදුනු
කිරිල්ලියේ
නුඹට තනියට
අහසත් නෑ
නාඩපන්
හෙට මිය යන ලෝකේ
නුඹේ තනියට
අලුත් ඉරක් පයාවී.

වැහිලිහිනි...

ඇය...


වැහි ලිහිනි's photo.








ඔහුට දීපු
පතිවත අතිනතට පාකරපු
අසම්මත ලෝකෙට
සම්මත වෙච්ච
නිර්වත
ඈට මෙන් ඔහුගේ මවටත්
උරුමයි
කාසී කොළ ලන්සු තියන
නුඹ ඇග මස් නහර
නුඹේ මෙන් ඔහුගෙත්
මේ පොළටම
පස්වෙයි..
වැහිලිහිනි...

පෙම්පාට මල් හීන

වැහි ලිහිනි's photo.මනමාල ඔයදෑස
හොරකම් කරන්න
සිතෙයි මට
කවිකාර
දෙතොලතර
පෙම්පාට මල් හීන

වැහිලිහිනි...

නිල් අහසයි මහපොලවයි මහ සුවිසල් මට දකින්න


චුක් චුක් චුක් මං අවේ
පුංචි ඇසින් ලොව බලන්න
නිල් අහසයි මහපොලවයි
මහ සුවිසල් මට දකින්න
අම්මා එක්ක වත්ත පහළ
පේළියකට රවුමේ යන්න
පුංචි හොටෙන් චුට්ටී පනුවෝ
වට්ටියකට රැස් කරන්න

වැහිලිහිනි...

සුවද නොපැතුවද.,

සුවද නොපැතුවද.,
සොදුරු සිතුම් විදාලමින්
රෝස කුසුම් ඔහේ වැනෙයි
පිනිබිදි දිය
නාවා සුදු පිච්ච කැකුළු
සුවද හමයි
කොයිද පැහැය
නැද්ද සුවද මුත් ගුණවත්
බිම්මල ඔබ
නැතත් ඔබට
පැහැය සුවද
රසය ගුණය
අති උතුම් ය

වැහිලිහිනි...
ලිවීම කලාවක්. පෑන අවියක් කොට ගතහැකිනම් ලෝකය උඩු යටිකුරු කලහැකි අපූරු මෙවලමක්. සිතීම ස්භාවිකයි. තුන්වෙනි ඇසකින් ලෝකය දකින්න හැකිනම් ලෝකයේම සිතුවිලි පෙරලන්නට හැක. ජීවත් වෙන්නේ මරණය දැනගෙන. හැබැයි එක දහදෙනෙක්වත් ජීවත් කරගෙන ජීවත් වෙන්න පුලුවන්නම්
ඔබ අපූරුම පුද්ගලයෙක්.

වැහිලිහිනි...
පරාජයට වගකිවයුත්තෝ නැත. ජයග්‍රහණය ළග අයිතිකරුවෝ බොහෝය.සැබෑ වීරයෝ මිහිදන්වී අවසන්ය. උරුමක්කරයෝ අසීමිතය.

වැහිලිහිනි...

කොළඹ අහසට පායන සද

කොළඹ අහසට පායන සදට
මං ආදරෙයි
කන්දෙකට නිවනක් නැති
ගෝශාකාරී කන්දොස්කිරියාවට
පෙම් බදින්නෙ
මොකක්දෝ හුදකලා පාළුවක්
හිත පුරාවට වෙලාගන්න නිසයි
දුරින් දුරට විහිදිච්චි පහන් එළි
පාර කියාවි
ඇවිද යන්නට
සද එළිය නාවදාට

වැහිලිහිනි...

සරාසද නුඹ

Image result for romantic kiss cartoon couple images

තෙත බරිත හිත මගේ
උණුසුමට
පෑ සෙනේ
සිරවෙච්චි දෙතොලතර
කල්පයක් මට 
මතක්වෙන හැම වෙලේ
හිත දුවයි වියලුණු
අතීතෙට
අද වසන්තය නුඹට
මගේ ලොව ගිම්හාන
පායපන්
ආයේම
සරාසද නුඹ
මහද සිපගත්
වැහිලිහිනි...

සමාවනුමැන ඇදුරුතුමනි!


Image result for sad  girl cartoon images
තොරතෝංචියක් නැතිව
දෙනුවන් දොරකඩ
දොඩමළු වෙද්දී
නොහැක දෑස් ඉවතලන්නට
අපවාද ඇසීමට 
සිදුවේවි මොහොතකින්
ඒත්...
කෙසේනම් සිත
ඔබ වෙත යොමන්නද
ඔහු රැගෙන ගොස් ඇත
ඔහු වෙතම
දුරට
නමුත්...
නුඹ අභියස
දෙනුවන් අයාගෙන
කීකරු සිසුවියයි
සමාවනුමැන ඇදුරුතුමනි!

වැහිලිහිනි...

සේපාලිකා මල් කැකුල

Image result for flower sepalika   images

පිනි බිදකට තුරුල්ව
නිදන
සේපාලිකා මල් කැකුල
හෙටත් හිමිදිරියේම
ගිලිහී වැටේවී නුඹ
හිරු රැස් පහස සිප
ඔහේ පාවෙන
සුළං රැල්ලට

වැහිලිහිනි...

පැතුමනම් එන බවේ එකට අපි හමුවන්න

ආදරය නොහදුනන
ජීවිතය නොවැටහෙන
සසර ගමනේ දිනෙක
මුණ ගැසී
විලස තිරිසනුන්
නොවැටහෙන ස්නේහයක
එකාමෙන් වෙලීගෙන
සොයන්නට යතාර්තය
එක්වුණේ එක් බවෙක
කිසිදු අරමුණක් නැති
ජීවිතය ගෙවන්නට
ඒත්...
එකම පැතුමකි සිතේ
එතෙර වන්නට සසර
දුර වුවද ඒ දවස
සසර ගමනේ ඈත
පැතුමනම් එන බවේ
එකට අපි හමුවන්න
වැහිලිහිනි...

පෙම්පිරූ මේ හිත


තරු කිනිති නෙලාලා
ඔබේ ලොව සරසන්න
පිනි වැටෙන හීතලේ
රහසේම ඇවිදින්න
සද එළියටත් හොරෙන්
ඔය කම්මුල්
සිප ගන්න
පෙම්පිරූ මේ හිතට
කුලුදුලේ ළංවෙන්න
පිං පුරමි මං
ඔය හිතේ රජ වෙන්න..

වැහිලිහිනි...

අහස නුඹ දුරයි

Image result for romantic cartoon sad couple images

අහස නුඹ දුරයි සීත ඉම කොනයි
සිතිජ ඉම ළග මුණ ගැසී
ඈත පෙර දින ඔබට ලං වුණ
මගේ හදවත ඉකිගසයි
සිහින මංදාරම් රැයේ
පහන්ටැඹ ළග තනිවෙලා
ඉකිගසා හැඩු බිදී ගිය හිත
පැතුම් අභියස ගොලුවෙලා
ඔබ පැතූ මා මා පැතූ ඔබ
හිතට හොරහින් දුර ගියා
මගේ නෙත් ලග කදුළු බොදකළ
ඔබේ ලෝකය ඈ වෙලා
ඔබට පෙම්කළ මගේ හිත අද
ඉකිබිදින හඩ රැව්දෙනා
පේන කදුයාය මිහිදුමින් හැඩ
අහස් කුස සිප වැලපෙනා
වැහිලිහිනි...

****


Image result for nature cartoon  images
නිදිකුම්බා,මල්හිස සිබින
හිරු රැස්වලට හොරා
පෙම් කරන
සූරිය මල් කැකුළක
සුදුපාට ආදරය
අදත් හෙටත්
මිලිනවී නොයන
පැතුමකි..

වැහිලිහිනි...